women
ගංවතුරට හසු වූ ලියකියවිලි වේලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක්
by පැරකුම් ජයසිංහ
ජූනි 6, 2017

අප මෙම ඡායාරූප අහඹු ලෙස කැමරා ඇසට හසු කර ගත්තේ බුලත්සිංහල මෝල්කාව මාර්ගයේ දැඩි ලෙස ගංවතුරට හසු වූ පාහියන්ගල ආසන්න ප්‍රදේශයකදී ය.

දැඩි ගංවතුර ආපදාවකට ලක් වූ මෙම ප්‍රදේශයේ ජනයා ජීවිතය නැවත එකලස් කර ගැනීමට දරන තැත මධ්‍යයේ අප දුටු මෙම දසුනෙහි වැදගත්කම නිසා මෙම සටහන තබමි.

මෙම පවුල් සෞඛ්‍ය සේවිකාවගේ කුඩා කාර්යාලය ගංවතුරට යටව තිබියදී වැදගත් ලියකියවිලි වේලාගෙන ආරක්ෂා කර ගැනීමට උත්සාහ දරමින් සිටියදී අපට ඇය දක්නට ලැබිණි. ඇගේ සේවා ලබා ගැනීමට පැමිණ සිටි ගැබිණි මව්වරුන් කිහිප දෙනෙකුත් ඒ අවස්ථාවේදී ඇය සමග සිටිය හ.

ගංවතුර, නාය යාම් වැනි ආපදා අවස්ථාවලදී පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ සේවයේ වැදගත්කම තවත් වැඩි වේ. ඇගේ සේවය ගැන අප මීට පෙර පළ කළ ලිපියක් වෙත මෙතැනින් පිවිසෙන්න.

වින්නඹු සේවිකාවක්
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියකගේ ගංවතුරට හසු වූ කාර්යාලයක් – බුලත්සිංහල
පවුල් සෞඛ්‍ය සේවිකාවක්
ගැබිනි මවක් හා පවුල් සෞඛ්‍ය සේවිකාවක් ඇගේ තෙත බරිත වී විනාශ වී ගිය ලියකියවිලි සමග – බුලත්සිංහල

COMMENTS ()

පැරකුම් ජයසිංහ
සමාජ වෙනස වෙනුවෙන් බ්ලොග්කරණය
SHARE THIS ARTICLE

YOU MAY ALSO LIKE > <

COMMENTS