විෂම ලිංගික, ද්වී ලිංගික සහ සම ලිංගික (සම රිසි) යනු මානවයන් ගේ ප්‍රධාන ලිංගික දිශානති තුනයි.
පුද්ගලයෙකුගේ ලිංගික දිශානතිය ජානමය, හෝමෝනමය, සහ මව් කුස තුල කළලය වැඩීමේ දී නිරාවරණය වන සාධක එකිනෙක මත ක්‍රියා කිරීමෙන් සිදු වන සිදුවන සංකීර්ණ ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක් බවට විද්‍යාත්මක මතයක් තිබෙනවා.
එබැවින් සමරිසි වීම කිසිවෙකු හිතා මතා කරන තෝරා ගැනීමක් නොවේ. (ඇතැම් අවස්ථාවල පිරිමි -පිරිමි සහ ගැහැණු ගැහැණු එකට ගැවසෙන තැන්වල සිදු වන දේවල් මේකට පටලවා නොගන්න. එය වෙනත් කතාවක්)
යමෙකු විෂම ලිංගික වෙනවා වගේම දෙයක් තමයි සමරිසි වීම. කොටින්ම කිව්වොත් කිසිවෙකු උපතින් අඳ, ගොළු, බිහිරි වෙනවා වගේ දෙයක් ඒක. ඒ විදිහට ඉපදුනු අයට ඒක වෙනස් කර ගන්න බැහැ.
සමරිසි වීම මානව අයිතිවාසිකමක් වෙන්නේ ඒ විදිහට. ඒක සංස්කෘතිය, සභ්‍යත්වය එක්ක පටලවා ගැනීම මෝඩ කමක්.
අප දියුණු සමාජයක් බවට පත් වීමේදී එවැනි ප්රගතිශීලී වෙනස්කම් මානව අයිතිවාසිකම් අතරට එක් කිරීම අවශ්‍යයි.
ප්‍රවීණ ලේඛිකා කත්‍යානා අමරසිංහ විසිනි.