youth
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අංක 2250 යෝජනාව ශ්‍රී ලාංකික තරුණයන්ට වැදගත් ද?
by පැරකුම් ජයසිංහ
ජනවාරි 6, 2017

වර්තමාන යෞවන පරපුර ලොව මෙතෙක් දැන සිටි විශාලතම යොවුන් පරපුරයි.

සන්නද්ධ ගැටුම්වලින් පීඩාවට පත් රටවල ජනගහණයෙන් වැඩි ප‍්‍රමාණයක් සැදුම් ලබන්නේත් යෞවනයින්ගෙන් ය.

සරණාගතයින් සහ අභ්‍යන්තරව අවතැන් වූ පුද්ගලයින් අතරින් ද වැඩි දෙනෙකු යෞවනයෝ ය.

යෞවනයින්ගේ අධ්‍යාපනයට සහ ආර්ථික අවස්ථාවන්ට බාධා ඇති වීම දිගුකාලීන සාමයට සහ සංහිඳියාවට බරපතල බලපෑමක් ඇති කරයි.

සාමය සහ ආරක්‍ෂාව පවත්වාගැනීම සහ ප‍්‍රවර්ධනය කිරීමේ පරිශ‍්‍රමයේදී යෞවනයින්ගේ ධනාත්මක දායකත්වය ඉතා වැදගත් ය.

ගැටුම් වළක්වා ගැනීමේදී සහ නිරාකරණය කිරීමේදී, සාමය ගොඩනැගීමේදී සහ සාමසාධනයේදී යෞවනයින්ට සිදු කළ හැකි කාර්යභාරය සුවිසල් ය.

යෞවනයින් අතර ප‍්‍රචණ්ඩත්වය සහ අන්තවාදී ක‍්‍රියා ඉහළ යාම සමාජ ස්ථාවරත්වයට සහ සංවර්ධනයට තර්ජනයක් විය හැකි ය. සාමය ගොඩනැගීමේ ප‍්‍රයත්නයන් බිඳවැටීමට සහ ගැටුම් ඇවිස්සීමට හේතුවිය හැකි ය. ත‍්‍රස්තවාදයට උපකාරී විය හැකි ය.

කලාපීය සහ ජාත්‍යන්තර අනාරක්‍ෂිත බවට රුකුල් දෙන අන්තවාදී ප‍්‍රචණ්ඩත්වය වැළැක්වීමට හැකි ධනාත්මක සහ ආදර්ශවත් භූමිකාවක් යෞවනයින්ට සිදුකළ හැකි ය.

යෞවනයින් සඳහා වන ලෝක කි‍්‍රයාකාරී වැඩසටහනත සාමය ගොඩනැගීම සඳහා යෞවනයින්ගේ සහභාගිත්වය සඳහා මගපෙන්වීමේ ප‍්‍රතිපත්ති, 2015 අගෝස්තු මස පැවැත්වූ යෞවනය, සාමය සහ ආරක්‍ෂාව පිළිබඳ ගෝලීය සංසදය, යෞවනය, සාමය සහ ආරක්‍ෂාව පිළිබඳ අම්මාන් ප‍්‍රකාශය, 2015 සැප්තැම්බර් මස පැවැත්වූ අන්තවාදී ප‍්‍රචණ්ඩත්වයට එරෙහි යෞවන සමුළුව ආදී ක‍්‍රියාමාර්ග ඔස්සේ ආරක්ෂක මණ්ඩලයේ අංක 2250 යෝජනාවට මග සැකසිණි.

එහි ප‍්‍රධාන කොටස් පහ මගින් එක්සත් ජාතීන්ගේ සාමාජික රටවලින් ඉල්ලා සිටිනු ලබන ප‍්‍රධාන කරුණු මෙසේ ය:

සහභාගිත්වය
සෑම මට්ටමකම තීරණ ගැනීමේ ක‍්‍රියාවලියේදී යෞවන නියෝජනය වැඩි කරන්න. සාම කි‍්‍රයාවලි සහ ආරවුල් නිරාකරණය සඳහා අර්ථවත් යෞවන සහභාගිත්වය සඳහා ඒකාබද්ධ යාන්ත‍්‍රණයන් පිහිටුවන්න. ඔවුන්ගේ අදහස් පිළිගන්න. යොවුන් අවශ්‍යතාවන් පිළිබඳ සැලකිලිමත් වන්න.

ආරක්‍ෂාව
ජාත්‍යන්තර නීතිය යටතේ යෞවනයින්ද ඇතුළු සිවිල් ජනතාවගේ ආරක්‍ෂාවට අදාළ බැඳීම් තරයේ ගරු කරන ලෙස සන්නද්ධ අරගලයන්ගේ යෙදෙන සියලූ පාර්ශවවලින් ඉල්ලා සිටිනු ලැබේ. අපරාධ, යුද අපරාධ සහ ඉතා බරපතල අපරාධ සඳහා දඬුවම් නොලබා සිටීම අවසන් කරන්න. සෑම ආකාරයකම ලිංගික හිංසනයන්ගෙන් සහ ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය පිළිබඳ ප‍්‍රචණ්ඩත්වයන්ගෙන් ආරක්‍ෂාව සලසන්න. සෑම පුද්ගලයෙකුගේම මානව අයිතීන්ට ගරු කරන්න. ජනසංහාරයන්ගෙන්, යුද අපරාධවලින්, ජනවාර්ගික සංහාරයන්ගෙන් සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධවලින් ආරක්ෂා කරන්න.

වළක්වාගැනීම

ප‍්‍රචණ්ඩත්වය වළක්වන, සමාජ ඒකාබද්ධතාවයට උපකාරී වන, සංවර්ධනයට, ගුණාත්මක අධ්‍යාපනයට, අන්තර්ගත දේශපාලනයට, සාමය ගොඩනැගීමට දායක වන කි‍්‍රයාකාරකම් සඳහා යොවුන් කි‍්‍රයාකාරීන්ට පහසුකම් සලසන්න. සාමකාමී සංස්කෘතිය, ඉවසීම, අන්තර් සංස්කෘතික සහ අන්තර් ආගමික සංවාදය ප‍්‍රවර්ධනය කරන්න. ප‍්‍රචණ්ඩකාරී කි‍්‍රයාවන්, ත‍්‍රස්තවාදය, භීෂණය සහ සෑම ආකාරයකම වෙනස්කම් පිටුදකින්න.

හවුල්කාරිත්වය
සාම ප‍්‍රයත්නයන්හිදී යෞවනයින්ගේ අවශ්‍යතාවන් සහ සහභාගිත්වය සැලකිල්ලට ගන්න. දේශපාලනික, මුල්‍යමය, තාක්‍ෂණික සහ උපායමාර්ගික සහයෝගය වැඩි කරන්න.

නිදහස්කිරීම සහ ප‍්‍රතිසමෝධානය
නිරායුධකරණය, හමුදාවන් මුදාහැරීම සහ ප‍්‍රතිසමෝධානය දිරිගන්වන්න. අධ්‍යාපන හා පුහුණු අවස්ථා, රැුකියා සමානාත්මතාව වර්ධනය කරන්න.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අංක 2250 යෝජනාවේ සම්පූර්ණ පිටපත මෙතැනින් කියවන්න

COMMENTS ()

පැරකුම් ජයසිංහ
සමාජ වෙනස වෙනුවෙන් බ්ලොග්කරණය
SHARE THIS ARTICLE

YOU MAY ALSO LIKE > <

COMMENTS