women
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍ර‍චණ්ඩත්වයට එරෙහි 16 දින ක්‍රියාකාරිත්වය
by Kiyanna Staff
නොවැම්බර් 25, 2016

කාන්තා හිංසනයට එරෙහිව කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධනත් පෙරට

අද නොවැම්බර් 25 කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනයයි. අද සිට ජාත්‍යන්තර මානව හිමිකම් දිනය යෙදෙන දෙසැම්බර් 10 වන දින 16 මීට වසර 25කට කලින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍ර‍චණ්ඩත්වයට එරෙහි 16 දින ක්‍රියාකාරිත්වය ලෙස නම් කර ලොව වටා කාන්තාවන්ට එරෙහි සියලූ ආකාරයේ හිංසනයන් දුරු කිරීම සඳහා පෙනී සිටින ප‍්‍රචාරාත්මක ව්‍යාපාරය අරඹා මේ වසරට වසර 25ක් සපිරේ.

1991දී මෙම ජාත්‍යන්තර ප්‍ර‍චාරණ ව්‍යාපාරයට මුල පිරුවේ කාන්තාවන්ගේ ගෝලීය නායකත්වය සඳහා මධ්‍යස්ථානය විසින් සම්බන්ධීකරණය කරන ලද කාන්තාවන්ගේ ගෝලීය නායකත්ව ආයතනය විසිනි. (විස්තර මෙතැනින්)

කාන්තාවන්ට එරෙහි හිංසනය අප සැමටම බලපාන ගෝලීය ගැටලූවකි. ශී‍්‍ර ලංකාවේ සෑම කාන්තාවන් සිව් දෙනෙකුගෙන්ම එක් අයෙක් වයස අවුරුදු 18 සපිරෙන විට ලිංගික අතවරයකට පත් වන බව අධ්‍යයන මගින් හෙළි වී තිබේ.

ශී‍්‍ර ලංකාවේ මෙම ප‍්‍රචාරාත්මක ව්‍යාපාරය සැමරීම සඳහා, ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය පදනම් වූ හිංසනයට එරෙහි ජාතික සංසදය 2016 නොවැම්බර් 25 වන දින එක්සත් ජාතීන්ගේ සංකීර්ණයේදී මාධ්‍ය හමුවක් පවත්වන ලදී. දින 16ක කි‍්‍රයාකාරී ප‍්‍රචාරාත්මක ව්‍යාපාරය මගින් අතීතයේදී ලබාගත් වර්ධනය සහ සාර්ථකත්වය මත ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය පදනම් වූ හිංසනයෙන් නිදහස් වූ ශී‍්‍ර ලංකාවක් බිහි කිරීම සඳහා අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගැනීමට එක්වන ලෙස සෑම ශී‍්‍ර ලාංකිකයෙකුගෙන්ම සංසදය ඉල්ලා සිටී.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍ර‍චණ්ඩත්වයට එරෙහි 16 දින ක්‍රියාකාරිත්වය පිළිබඳ අදහස් දක්වමින් කාන්තා සහ ළමා කටයුතු ඇමතිනී ගරු චන්ද්‍රානී බණ්ඩාර මහත්මිය මෙසේ පැවසුවා ය: “අපගේ අමාත්‍යාංශය පැවසුවේ තවත් අමාත්‍යාංශ නවයක් සමග ඒකාබද්ධව ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය හා සම්බන්ධ හිංසනය පිළිබඳව ජාතික කි‍්‍රයාකාරී සැලැස්මක් මෑතකදී දියත් කරන ලදී. මෙම අමාත්‍යාංශ, එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සහ රාජ්‍ය නොවන සංවිධාන හවුල්කරගෙන කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමත් එමගින් සෑම කාන්තාවකටම සහ දැරියකටම සුරක්‍ෂිත සහ සාමකාමී ශී‍්‍ර ලංකාවක් බිහි කිරීමත් අපගේ අපේක්‍ෂාවයි.”

ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය පදනම් වූ හිංසනයට එරෙහි ජාතික සංසදයේ සභාපති සහ එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලේ නියෝජිත ආලේන් සිිබනලර් මහතා සම්මන්ත‍්‍රණය අමතමින් මෙසේ පැවසීය: ‘ ර්‍ණස්තී‍්‍ර පුරුෂ සමාජභාවය පදනම් වූ හිංසනයට එරෙහි ජාතික සංසදයේ සභාපති පදවිය දරමින් එහි නායකත්වය ගැනීමට හැකිවීම එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල ලද ගෞරවයකි. ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය පදනම් වූ හිංසනය ශී‍්‍ර ලංකාවෙන් තුරන් කිරීම වෙනුවෙන් කි‍්‍රයාකාරී පියවර ගනිමින් ජාතික පහසුකම් සලසන්නෙකු ලෙස 2005 වසරේ සිට මෙම සංසදය ප‍්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇත. සංසදයේ විවිධත්වයෙන් යුත් නියෝජනය මගින් දැනුම සහ පළපුරුද්ද පිළිබඳ පොහොසත් සංයෝජනයක් ලබා දී ඇත. සංසදයේ සභාපතිත්වය පවරාදීම සහ සුවිශේෂී පුද්ගලයින් කණ්ඩායමක් සමග සමීපව කටයුතු කිරීමට ලැබීම සැබවින්ම එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල ලැබූ වරප‍්‍රසාදයකි.”

ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය පදනම් වූ හිංසනයට එරෙහි ජාතික සංසදය යනු, රාජ්‍ය ආයතන, එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන, දේශීය සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන, ප‍්‍රජාමූල සංවිධාන සහ මෙම ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවීණ පුද්ගලයින් නියෝජනය කරන සංවිධාන 50ක එකමුතුවකි. ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය පදනම් වූ හිංසනයට එරෙහිව සම්බන්ධීකරණයෙන් නැගී සිටීමට සහ ඒකාබද්ධ කි‍්‍රයාකාරිත්වයක් සඳහා වන ජාතික මට්ටමේ වේදිකාවක් වන මෙම සංසදයේ සභාපතිත්වය දරන්නේ ශී‍්‍ර ලංකාවේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA)විසිනි.

මෙම අවස්ථාවේදී දියත් කරන ලද ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය පදනම් වූ හිංසනයට එරෙහි ජාතික සංසදයේ නිල වෙබ් අඩවියට මෙතැනින් පිවිසෙන්න. මෙම වෙබ් අඩවියේ ‘සත්‍ය කථා’ මැයෙන් විශේෂාංගයක් ඇතුලත් වන අතර එමගින් ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය පදනම් වූ හිංසනයට ගොදුරු වූවන් මුහුණදුන් ඕනෑම අවස්ථාවක් පිළිබඳ කරුණු නිර්නාමිකව බෙදා හදා ගැනීමේ අවස්ථාව ජනතාවට ලබා දී ඇත.

ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් වීරයින් දෙදෙනෙකු වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන පෙනී සිටින වීඩියෝවක් යුරෝපා සංගමය විසින් මෙම අවස්ථාවේදී නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කරන ලදී. එම වීඩියෝව යුරෝපා සංගමයේ ෆේස්බුක් පිටුවෙහි පළ කර තිබේ. මෙතැනින් පිවිසෙන්න.

COMMENTS ()

Kiyanna Staff
SHARE THIS ARTICLE

YOU MAY ALSO LIKE > <

COMMENTS